rss
twitter
    Walk Trough A Brand New Site.......{*.*}

Saturday, January 29, 2011

ගැබුරු කටහඩ | Deep Voice

Flamable-Beachජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය.
එක්වරම ඔහුට කටහඩක් ඇසිනි " හාරපන් !".
වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත්  සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි.
" මම කිව්වෙ හාරපන් කියලා........."  එක්වරම  ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි.
බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )


" ඇරපන් ", නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.


ඔහු අසල තිබූ තරමක් ලොකු ගලක් ගෙන, පෙට්ටගමේ අගුල කඩා විවෘත කලේය. පුදුමයකි පෙට්ටගම රත්තරන් කාසිවලින් පිරී තිබුනි. මේ නම් තමා ජීවිතය ගැන කල කිරී සිටි බව දැනහුන් දෙවිකෙනෙකු තමාට උපකාර කිරීමට වැඩම කර ඇතැයි සිතූ හෙතෙම ඉහල අහස දෙස බලා ස්තූති කලේය.

casinodollarsignheliumballoon.jpg
"කැසිනෝ එකට පලයන්" නැවතත් ගැබුරු හඩය.......


පෙට්ටගමත් ඔසවාගත් මිනිසා ලගම තියන කැසිනෝ හලට ගියේය.


” මාරු කරපන් “ නැවතත් ගැබුරු හඩ ඇසිනි.


Casino 0011ඔහු වහා අයකැමි වෙතගොස් සියලුම රත්‍රන් කාසි අයකැමිට දී එම වටිනාකමට සරිලන , කැසිනෝ ටෝකන් කාසි ලබාගත්තේය cartoon-gambling-chips-1103( casino token coin - කැසිනෝ සදහාම භාවිතා කරන කාසි වර්ගයක් ). ඉන්පසු ඔහු ටෝකන්ද ඇතැතිව. ඉතා ධනවත් පුද්ගලයන් ක්‍රීඩාකරමින් සිටි මේසයක් දැක, ඒවෙත් ගොස් අසුන් ගත්තේය.


"27 ට දාපන්" නැවතත් ගැබුරු කට හඩ ඇසිනි"images


ඒ ක්ෂනයෙන්ම මල්ලේ තිබූ සියලුම ටෝකන් නොම්මර 27 උඩ තබා ඔහු ඔට්‍ටු ඇලිලීය. කැටය දමනු ලැබීය. මේසය වටා ඇතිවූයේ දැඩි නිහැඩියාවකි.

බෝලය කැරකී 26 මත නතර වීය.


" Shit” නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.

Article by: Walk on Dew

උපුටා ගත්තේ: www.bestfunnystories.com

4 comments:

  1. ලස්සන බ්ලොග් එකක්... මගේ බ්ලොගයේ දැමු කමෙන්ටුවක් ඔස්සේ ඇවිල්ලයි දුටුවේ... දිගටම ලියන්න ..

    ෴ජය෴

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි.......

    ReplyDelete
  3. හික් හික් පට්ට සක්විති ද දන්නෙ නෑ ඔය ගැබුරු කටහඩ

    ReplyDelete
  4. ඔව් හැබෑට සක්විතිටත් වෙන්න ඇත්තෙ ඔය වින්නැහියම තමයි............

    ReplyDelete