rss
twitter
    Walk Trough A Brand New Site.......{*.*}

Saturday, January 29, 2011

අපේ බ්ලොගයට මාස දෙකයි

අපේ බ්ලොගයට මාස දෙකයි, ජනවාරි 24 වෙනිදට. 1500ක් බ්ලොග් එක බලන්න ඇවිල්ල කියල තමයි ආරන්චිය.

    - Counts per Day කියන visitor counter එකට අනුව

( බ්ලොග් එකේ යටම footer bar එකේ ඇති විස්තර).

 

happy birthday  walk on  dewඑදා පලවෙනි post එක දාලා කව්ද එන්නෙ, comment එකක් දාලද, කියල සියපාරක් බලන්න ඇති. පලවෙනි comment එක දැක්කහම මට මාර සතු‍ටුයි.

එයින් ලැබුනු ධෛර්යත් එක්ක මේ මාස දෙකක කාලය පුරාවට ලිපි 21ක් ලියල, පළකරා. ඒව කොච්චර දුරට වැදගත්ද කියල දන්නෙ ඉතින්, මේ පැත්තෙ ආව, ගිය ඕගොල්ලො තමයි.


මේ කෙටි කාලයට මට ලැබුනු අත් දැකීමුත් එක්ක, මීට වඩා වැදගත් ලිපි

thank-you my walk on dew readers

පළකරන්න තමයි අදහස් කරන්නේ.

ස්තුති මෙතෙක් ඕගොල්ලො දුන්න සහයෝගයට.

 

 

ලියුවේ : Walk on Dew ©

ගැබුරු කටහඩ | Deep Voice

Flamable-Beachජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය.
එක්වරම ඔහුට කටහඩක් ඇසිනි " හාරපන් !".
වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත්  සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි.
" මම කිව්වෙ හාරපන් කියලා........."  එක්වරම  ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි.
බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )

උඩම මහල | suite case ekak……

istockphoto_5519698-three-friendsමේක පිට රටක සිද්ද වෙච්චි කතාවක් කියලයි ආරන්චිය..........
බිල්, ජිම් සහ ජැක් ඉතාම ලගින් ඇසුරු කල මිත්‍රයෝ වූහ.  ඔවුන්  ‍රැකියාව කලේත් එකම ආයතනයකය. එමනිසා ඔවුන් මහල් 75 කින් යුත් විශාල මහල් නිවාසයක උඩම මහල ( suite )  කුලියට ගත්තේ ඔවුන් තනිකඩයන් වූ නිසාත්, ‍රැකියාවට යාමට තිබූ පහසුව නිසාත් ය.  වර්ශ අවසානයේcorp-cartoon ආයතනයේ වැඩමුළුවකට සහභාගී වූ තිදෙන, මහල් නිවාසය වෙත පැමිනියේ , බොහෝසේ හෙම්බත් වීය.

 

Thursday, January 27, 2011

පොලිසියක සිද්දියක් | Speed – Trap

dmsn128l

ඔන්න පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් හිටියලු...... ඔන්න මේ දෙන්නට ස්ථානාධිපති තුමා පොඩි job එකක් දුන්නලු. ඒක පොඩි Speed trap සීන් එකක්. සින්හලෙන් කිව්වොත් වාහන වල High Speed අල්ලන්න ජොබ් එකක්.

ඉතින් දැන් දෙන්නත් එක්ක ගියාලු වැඩේට, ඒ පැත්තෙ හොදටම හදල තියන පාර හොයගෙන. ටික දුරක් යද්දි දැක්කලු එහෙම එකක්. ඉතින් ලගට දෙන්නට ප්‍රශ්නෙ හැංගෙන්න තැනක්.......

හෝව් හෝව්.......මොකක්…..*//*%$#   පොලිසියෙ රාළහාමිලා මොකට හැංගෙනවද? .....

හැංගෙන්නෙ ඉතින්, පාරෙ පොලිසියෙන් ඉන්නව දැකක්කම  අපේ රියදුරු මහත්තුරු ඉතින් පොඩ්ඩක් slow කරනවනේ........ එතකොට කොහොමද High Speed අල්ලන්නේ.

ඔන්න දැන් වන්ගුවක් ලග දෙන්නට හොද තැනකුත් හම්බුනාලු. ඔන්න හාහාපුර කියල වැඩේ පටන් ගත්තලු………  ආතල් කෝටියයි, අපෙ රියදුරු මහත්තුරු පොලිමේ ඇවිත් දඩ කොල ලියන් යනවලු. අනේ දෙයියනේ ලෝකාන්තවල වැටි වැටි, එවරස්ට් නැග නැග,  අපේ අය වාහන එලවද්දි, පොඩ්ඩක් හොද පාරක් දැක්කහම ඇතිවෙන හැගීම හිතා ගන්න පුලුවන්නේ.......

ඔන්න දැන් මේ වැඩේ නැගල යනවලු. පොලිස් රාලහාමිලා දෙන්නත් දැන් හැමදාම එතනලු. පෝලිමත් එහෙම්මමලු. මෙහෙම දවස් කීපයක් ගත වුනාලු.01320-funny-cartoons-speed-limit

දවසක් රාලහාමිල දෙන්න මූලස්තානෙට ( හොර පොට් එකට ) වාර්තාකරලු උදේ පාන්දරම.  පලවෙනි වාහනේ ආවලු, දඩ කොලේ ලියගත්තලු, ගියාලු. ඔන්න දැන් ඉතින් පොලිස් රාලහාමිල දෙන්න දත කට මැදගෙන, පැල් බැදගෙන ඉන්නවලු......

Wednesday, January 19, 2011

තමුසෙ දන්නවද මම කව්ද කියල ? ( Humour )

 

thiefCartoon[9]දිනක්  නගරයේ වීදියක ඇවිද යමින් සිටි පුද්ගලයෙක් වෙත හදිසියේම සන්නද්ධ මංකොල්ල කරුවෙකු කඩා පනී.

මංකොල්ලකරු: තමුසෙගෙ ඔක්කොම සල්ලි මට දෙනවා.
         මිනිසා : තමුසෙ දන්නවද මම කව්ද කියල?
මංකොල්ලකරු: මට වැඩක් නෑ ඕයි තමුසෙ කව්රු උනත්.
මිනිසා :දැනගන්නවා මම ආණ්ඩුපක්ශයේ ලොකු සාමාජිකයෙක්.
එවිට, මකොල්ලකරු : එහෙනං දීපිය මෙහෙට මගෙ ඔක්කොම සල්ලි ටික.

  By: Walk on Dew

සිරිදාස ( siridhasa )

cute-cartoon-illustration-of-an-office-worker-thumb9498107සිරිදාස එදා කාර්යලයට පැමිනියේ ප්‍රමාදවීය, 9 ත් පසුවීය. ඒ බව දැනගත් ප්‍රධානියා දැඩි ලෙස කෝප වී   සිරිදාස කැදවීය.
  "අයිසේ, තමුසෙ 8:30 ටනේ එන්න තිබ්බේ"
එවිට වඩාත් උනන්දුවෙන් තම ප්‍රදානියා දෙස බැලූ සිරිදාස,
" ඇයි සර් 8:30 ට මොකද උනේ ? "  බැගෑපත්ව ඇසීය.

                                                                   By: Walk on Dew

පොඩ්ඩක් හිනා වෙමු ( Humour )

 

puppy-thumb10890253දිනක් සුරතල් බලු පැටවෙකු තැපැල් කන්තෝරුවකට ගොස් ටෙලිග්‍රෑමයක් යැවීමට, පෝරමයක් ගෙන,  "බව් ,  බව් , බව් , බව් , බව් , බව් , බව් , බව් , බව්"  ලෙස ලියා කන්තෝරුවේ සිටි  නිලධාරි තරුණිය අත තැබීය.
පෝරමය කියවා බැලූ තරුණිය, "පැටියෝ මෙතන වචන නමයයි තියෙන්නේ, ඔයාට තව එක ‘බව්’ එකක් මේ මිලටම යවන්න පුලුවන්නේ."
එවිට කුඩා බලු පැටවා "අපෝ බෑ, එතකොට මේකේ කිසිම තේරුමක් නැති වෙනවා………” කීවේය.

  By: Walk on Dew

Write & Post Articles from your desktop….. ( ඔබේ Desktop එකේ හිදිමින් ඔබ්ගේ බ්ලොග් අඩවියට ලිපි ලියා, පළකරන්න )

බ්ලොග් අඩවියට ලිපියක් ලියන එක ඒක කියන තරම් ලේසි නෑනෙ නේද ?……..
විශේෂයෙන්ම අපේ රටේ ඉන්ටෙර්නෙට් කෙරුවාව හින්දා ටිකක් කරදරයි. මොනටිකද සමහර වෙලාවට හරිම කරදරයි. SLT  තමයි මම දන්න තරමින් හොද සෙවාවක් සපයන එකම ආයතනය දැනට තියන……

ඒවා කොහොම උනත් මම මේ ලිපිය ලියන්නෙ ලන්කාවේ ඉන්ටෙර්නෙට් ගැන කතාකරන්න නම් නෙමෙයි. මම  මගේ බ්ලොග් අඩවිය home.walkondew.com නමින් ආරම්භ කළේ බොහොම මෑත කාලෙකදි. තාම මසයක් වත් නෑ. එත්ලිපියක් ලියන එක ලේසි නෑ කියල මට තෙරුනේ මම පළවෙනි ලිපිය ලියද්දිමයි. අන්න එතනදි මම Google එකේ සහය පතල හොද මෘදුකාන්ගයක් හොයගත්තා. නමින් – ” windows live writer “ Windows Live Writer මෙතනින්  Download කරගන්න. Windows Live Writer

මේක Wordpress, Google Blogger  සහ අනෙකුත් බොහෝ බ්ලොග් අඩවි වලට ක්‍රියාකාරි වන මෘදුකාන්ගයක්. අහ් කියන්න අමතක උනා මේක සම්පුර්නයෙන්ම නොමිලේ Microsoft සමාගමෙන් බෙදා හරින මෘදුකාන්ගයක්.
අපි දන්නව එකක් ලියද්දි අපිට දෙන්නෙ සීමිත තේරීම් ටිකක් නේ. එකිව්වේ . ඉතින් මෙතනදි අපිට ගොඩක් දේවල් දීල තියනව. අනික ලිපියෙ ඔනෑම වෙනසක් කරල ඒක අපේ බ්ලොග් අඩවියෙ පෙන්නන්නෙ කොහොමද කියල බලන්න, බ්‍රව්සර් වල වෙනකම් ඉන්න ඔනෙ නෑ. එක තමයි මේ එකේ තියන වටිනාම ගුනාංගය. එවගේම තමන්ගේ ලිපියට රූප වගෙම
වීඩියෝ දර්ශනද මෙයින්ම එක් කරන්න පුලුවන්. මෙක ගැන සමහර අය දන්නවත් ඇති. භාවිතා කරනවත් ඇති. එත් නොදැන හිටපු අයටයි මේ ලිපිය.

හැබැයි ඉතින් වැඩ කරන්නෙ Windows වලට විතරයි. එත් දුක් වෙන්න එපා ඔන නෑ ඕන OS එකකට වැඩ කරන එකකුත් තියනවා ඒක නමින් -  “Thingamablog” මෙතනින් ගන්න.

මේකත් නොමිලේ බෙදාහරින මෘදුකාන්ගයක් උනත් මේ දෙකම ගොඩක් වටින මෘදුකාන්ග දෙකක්.Thingamablog

Article by: Walk on Dew ©

මින්දද හීසර…. අමරදේව ශූරීන් ( Mindhadha heesra – By W.D. Amaradewa )

විශාරද අමරදේව ශූරීන්ගේ “මින්දද හීසර“  නම් වූ ගීතය ඉතා ජනප්‍රිය වූවත් කොතරම් ප්‍රසිද්ධ දැයි නොදනිමි. එහි ඇති සුන්දරත්වය හා බින්දුවකින් හෝ අඩු නොවන යලි යලි ඇසීමට ඇතිවන ආශාව නිසා මෙම ගීතය ඔබත් සමග මෙසේ බෙදා ගැනීමට අදහස් කලෙමි……
එහි පද වල අර්ථය එලෙසින්ම මාහට වැටහුනිදැයි නොදනිමි, එහෙත් ගීතය සිත්සේ වින්දෙමි…

මින්දද හීසර ( Mindhadha heesara )

පරිශීලනයට - http://www.amaradeva.com/

අපගේ වෙබ් අඩ්වියේ ඇති අමරදේවයන්ගේ අනෙකුත් ගීත සදහා

පද මාලාව ( Lyrics )

Article by: Walk on Dew ©

ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් How To Train Your Dragon …..( awesome movies to watch )…..

How To Train Your Dragon (2010)

98 min - Animation | Adventure | Comedy

IMDB rating :  8.2 / 10

DirectorsDean DeBlois, Chris Sanders

Writers Cressida Cowell ( novel ) , William Davies ( screenplay ) , Dean DeBlois ( screenplay ) , Chris Sanders ( screenplay )

Stars Jay Baruchel, Gerard Butler and Christopher Mintz-Plasse ( Audio )

TrailerHow to Train your Dragon

වයිකින් වරු ජීවත් වුනු කාලය තේමා කරගත්, කිසිවෙකුගෙන් සැලකිල්ලක් නොලැබුණු තම මිතුරන් ගෙන් මෙන්ම වැඩිහිටියන් අතරේද කොන්වුනු කුඩා වයිකින් වරයෙක් තම සමාජයෙන් තමාට ලැබුනු වයිකින් වරයෙකු වීම සදහා වන එකම සුදුසුකම වන මකරෙකු හා සටන් වැද මකරාව මරා දැමීමට යාමේදි, කුඩා මකරෙක් හ ඇතිවන අසාමන්න්‍ය මිතු දමක් වටා ගෙතුනු දුර්ලභ කථා තේමාවක් අසුරෙන් නිර්මාණය වී ඇති මෙම සිනමා පටය, ඕනෑම අයෙකුට විවේක වේලවකදි නැරභිය හැකි අනර්ඝ සිනමා පටයකි.
-      කථා සාරාංශය: Walk on Dew ©

ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් Furry Vengeance …..( awesome movies to watch )…..

Furry Vengeance

IMDB rating : 2.9 / 2010 ( but walk on dew rate this : 8.5 / 10 )

Director: Roger Kumble

Writers: Michael Carnes, Josh Gilbert

Stars: Brendan Fraser, Brooke Shields and Ricky Garcia

ගොඩනැගීම් ක්ෂේත්‍රයේ විශාල කීර්තිනාමයක් දිනා සිටින  කුඩා ගම්මානයකට පැමිණේ. වනාන්තරය කපා නගරයක් නිර්මාණය කිරීමට මොහුට ආයතන ප්‍රධානියා විසින් අණ කරනු ලබයි. මෙතෙක් කල් වනාන්තරයේ සුවසේ කල් ගෙවූ වන සතුන්ට මේ පිලිබද ඇතිවන්නේ සතුටක් නම් නෙමෙයි……

                                  - කථා සාරාංශය : Walk on Dew ©

ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් Gladiator …..( awesome movies to watch )…..

Gladiator ( 2000 )

Imdb rating :  8.4 / 10

Director: Ridley Scott

Writers : David Franzoni ( story ) , David Franzoni (screenplay) , John Logan (screenplay) , William Nicholson (screenplay)

Stars: Russell Crowe, Joaquin Phoenix and Connie Nielsen

තම රට වෙනුවෙන් දිවි දෙවෙනි කොට සටන් වැදුනු රණ ශුරයකුට තම බිරිද හා කුඩා දරුවාව අහිමි කෙරූ සිය රටතුලම රජකම් කල දේශ ද්‍රෝහි රජුට හා  දූශිත ජේනරල් වරයෙකුට එරෙහිව සටන් කිරීමට,  ඔහු ජීවිතාන්තය දක්වා සටන් කරන ක්‍රීඩකයෙකු ගේ වේශයෙන් පැමිණේ…..

                                                                                                   - කථා සාරාංශය : Walk on Dew ©

sinhala songs……. (various artists)

Dayan Witharana

Rookantha Gunathilanke

 

Mervin Perera

Songs by Pandith Amaradeva

This is a tribute to a master musician whose contribution to the music scene in Sri Lanka spanning a period of more than five decades has been an incomparable one.

Nim Him Sewwa mp3 (click to get the download link and same to listen)

Heena Hathak meda mp3

Sasara Wasana Thuru mp3

Swarna wimaneta mp3

මින්දද හීසර ( Mindhadha heesara )

Friday, January 14, 2011

කැමතිද මේ චිත්‍රපටිය බලන්න ( A Movie for A Change… )

මෙච්චර කල් අපි කොච්චර නම් චිත්‍රපටි බලලා ඇත්ද, එත් ඒ අතරින් ඇත්තටම ලස්සනයි කියල 51GCCYZ373L._SL500_AA300_හිතන්න පුලුවන් වෙන්නෙ කොච්චර පොඩි ගානක්ද…….
මම මෙ කියන්න යන චිත්‍රපටියනම් කාටූන් එකක්….. " අය්යෝ මෙච්චර වෙලා කියෙව්වෙ කාටූන් එකක් ගැනද ?".  ඕගොල්ලො සමහරවිට හිතනව ඇති. මොකද ගොඩක් අය හිතන්නෙ කාටූන් බලන්නෙ පොඩි ළමයි කියලා. එත් ඒ අතරින් ගොඩක් ඒවා ලොකු ළමයින්ටත් (හෝව් හෝව් කලබල වෙන්න එපා, මම කිව්වේ වැඩිහිටියන්ටත් කියල ) බලලා රස විදින්න පුලුවන් තරමේ විශිෂ්ට කලා නිර්මාණ.

හරි දැන් අපි චිත්‍රපටිය ගැන කතාකරමු…..
The Road to El Dorado චිත්‍රපටිය නම් වෙන්නෙ ඒ විදිහට.    
516c-5b9NmL
සිනමාපටයේ ධාවන කාලය විනඩි 89 යි….. ඒ කියන්නෙ පැය 1 විනාඩි 20යි. " බොහොම පොඩි කාලයක් නේද ? " බලපුවහම හිතෙයි ඔයගොල්ලන්ටත්. එච්චරටම ලස්සනයි. මෙය උපහසය කැටිකරගත් ක්‍රියාදාම චිත්‍රපටියක්.
චිත්‍රපටිය ගැන කෙටි හැදින්වීමක් කලොත් මෙහෙමයි,

මිගෙල් සහ ටූලියො කියන්නේ ස්පාඥ්ඥයේ ජීවත් වෙන තරුණයන් දෙදෙනෙක්. මොවුන් නවිකයින් සමග දාදු කැට සෙල්ලම් කරනවා. ඒත් සාධාරනව නෙමයි. භාවිතා කරන්නෙ එකම අංකයක් වැටීමට සාදාගත් පුරවපු දාදු කැටයක්. කෙසේ හෝ මොවුන්ට නාවිකයෙක් අභියෝග කරනව ඔහුගේ දාදු කැටයෙන් සෙල්ලම් කරන්න. ඔහුගේ ඔට්‍ටුව El Dorado වල සිතියම. මේ El Dorado  කියන්නේ රත්තරන් වලින් පිරුනු නගරයක්.මේක ලෝක සිතියමෙන් සැගවුනු නගරයක්.
කෙසේ හෝ දෛවයේ සරදමකට මොවුන් ඔට්‍ටුව දිනනවා…… ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගන්න චිත්‍රපටිය බලන්න………






Genre:
Animation / Adventure / Comedy / Family / Romance
Awards:
1 win & 12 nominations more »
IMDB User Ratings:
6.5 (9,533 votes) 6.5
Summary: Two swindlers get their hands on a map to the fabled city of gold, El Dorado.

මේක අනිවර්යයෙන් බලන්න. බලලා comment එකක් දාන්න. මම ඉදිරි කාලයේදි මේ හා  සමාන, චිත්‍රපට ගැන ඔගොල්ලන්වත් දැනුවත් කරන්නම්.
                                                                     
                                                                                                          Article by : Walk on Dew