rss
twitter
    Walk Trough A Brand New Site.......{*.*}

Wednesday, April 13, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා...........

සුබ අලුත් අවුරුද්දක් වේවා...........

suba aluth awurudhdhak weawaimage from Kavidu.com

ගොඩක් වැඩ කරල මහන්සිත් ඇති, මේ අවුරුද්දට ඔක්කොම අමතක කරල පවුලේ අයත් එක්ක විනෝද වෙන්න.

පවුලෙ අය ඉන්නෙ ගොඩක්ම දුරකනම්, යන්නත් බැරිනම් ලගම යාළුවොත් එක්ක අවුරුද්ද සමරන්න..........

 

Tuesday, April 12, 2011

පෙරදාක..... A Song for the Broken Hearts. ( Peradaaka )

Peradaaka………

 

Album Cover

 

 Note Peredaaka - A Song for the Broken Hearts Note

 

Artists : Hashan Perera & Tharaka Jayasri

Lyrics By : Wasana Perera

Composed By : Amith Gurulawela

Mixed & Masterd @ State Of GURU

Released Date : 10th of April 2011

facebook_logo2 fan page

 

fdfffdf

Walk on Dew

Thursday, March 24, 2011

ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්

අවුරුදුත් ලගයි, මේ දවස් වල මම අපේ ගෙදර බිත්ති පා වලින් හෝදනව......... මෙහෙම කිව්වහව කට්ටිය අහයි සුරංගනා කථාවක් ද කියලා....... සින්හලෙන් කියන්නෙ Color wash කියල.
ඒවා වැඩක් නෑ......... ඔන්න මම ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක් දෙන්න හිතුවා. අලුත් අවුරුදු සින්දු.
මෙතන මගෙ ආසම සින්දුව, ඒ කියන්නෙ ලයනල් රන්වලයන්ගේ, “මේ අවුරුදු කාලෙ ඉදල”, තව ගොඩක් ගායක්යින්ගෙ සින්දු තියනවා..... ඒ අතර මම ජීවිතේට අහපු නැති සින්දුත් තියනව.  ඔයාලටත් මේවා ඕන වෙයි මේ දවස් වල.


Aluth awurudhdha










  • z_p26-Lional3 කිරි වදිනා …….( Kiri Wadinaa ) - ලයනල් රන්වල ( Layanal Ranwala ).



  • z_artp8-lionelකජු වාරේ……… ( Kaju Waare )ලයනල් රන්වල ( Layanal Ranwala ) 





  • HR Jothipala කිරි ඉතිරේවා නව වසරේ  ( Kiri Ithirewa Nawa Wasare )H.R. ජෝතිපාල ( H.R Jothipala )




  • z_p22-Sanathකොහෝ කොහෝ…. කොහේ ඉදන් කොහෝ කියනවදෝ………. ( Koho Koho, Kohe Indan Koho Kiyanawado )සනත් නන්දසිරි ( Sanath Nandasiri )




  • (0a). Milton Mallawaarachchi - Mahaa Eda_Frontimagesමී අබ අත්තේ……. කොහෝ කොහෝ………. ( Mee Amba Aththe Koho )මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ ( Milton Mallawaarachchi , Neela Wickramasinghe )




  • 50512_105210322879542_6124715_nනාඩන් පුන්චි හිරමනේ…..  ( Naadan Punchi Hiramane )ප්‍රදීපා ධර්මදාස  ( Pradeepa Dharmadasa )




  • 01pipunu_earabaduපිපුනු එරබදු ( Pipunu Erabadu )  – ළහිරු , ජයනි  ( Lahiru n Jayani )



  • Tuesday, February 8, 2011

    ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට....... ( Live Your Life )

    ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද......... අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු.......... ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.

     

    8347173-jumping-happy-young-man

    ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට.......

    කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා.

       ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා........ ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ........  ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.

    දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ..... ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.

    ඔබේ ප්‍රශ්න දෙමව්පියන් සමග ප්‍රකාශකරන්න.

        කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.

    එලිමහනට යන්න.

      ist2_1581007_new_lifeකාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box  , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5)  නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.

    ඔබේ පවුලේ සාමජිකයන් හා මිතුරන් අතර ගැවසෙන්න.

      සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.

    බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

       බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.

    ඔබේ වටපිටාව සමග තව තවත් සබදතා ඇති කරගන්න.

      ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක්  (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.

    ඔබ ඔබට කැමති දෙයක් කරන්න.

    කඩේට  යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world  වැනි තැනක ගොස් විනෝද වන්න.

    පිරිසිදුව නැවුම්ව සිටින්න.

    මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.

    නිසි පරිදි ආහාරගන්න

      ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට  හවුල් වන්න. ( අම්මාට හෝ  ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.

    සතුටින් සිටින්න.

      ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතු‍ටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.

    ජීවිතේ ගැන කනස්සලුවෙන්න එපා.

    Don't worry, be happy
      As Bobby McFerrin's "Don't worry, be happy" song lyrics stated, "in this life we have some troubles, but if you worry you make it double, so don't worry."

    happy-life-03

    Article by: Walk on Dew

    උපුටා ගැනීම : wikihow.com

    Tuesday, February 1, 2011

    නිදහස් සුවද………………

    Walk on Dew tree 

    ලේ දහදියෙන්  තෙත් කර මුල් අද්දවා          පත

    ලද නිදහස් වෘක්ශය  ඵල දරා                    ඇත

    ඉරුනු  ඉදුනු කොල අතු  බිදෙනවා             ඇත

    කුනු පත් හලා දළුදා ගස ‍රැකෙනු                ඇත

     

    ලක්දිව පතල විරුවන්ගේ රුධිරයෙ        සුවද

    අදටත් දැනෙයි ඵල රස කර විදින            සද

    ඒ ඵල කකා ඇට ගල් මත නොදා            තද

    පස් මිටකට යට කොට ‍රැකපන්             සුවද

    ගහ කොල සතුන් සුරකින මිහිමවගෙ   පුතුන්

    ඉපදෙයි හෙටත් කුසවල අපෙ උතුම්    කතුන්

    හිස මත තබා ‍රැකපන්  හෙට එවන්     පැතුම්

    කෙදිනක හෝ බිහිවෙයි ඉන් ලොවක්   උතුම්

    Written by: Walk on Dew ©


     

    sri-lanka-flag

    Saturday, January 29, 2011

    අපේ බ්ලොගයට මාස දෙකයි

    අපේ බ්ලොගයට මාස දෙකයි, ජනවාරි 24 වෙනිදට. 1500ක් බ්ලොග් එක බලන්න ඇවිල්ල කියල තමයි ආරන්චිය.

        - Counts per Day කියන visitor counter එකට අනුව

    ( බ්ලොග් එකේ යටම footer bar එකේ ඇති විස්තර).

     

    happy birthday  walk on  dewඑදා පලවෙනි post එක දාලා කව්ද එන්නෙ, comment එකක් දාලද, කියල සියපාරක් බලන්න ඇති. පලවෙනි comment එක දැක්කහම මට මාර සතු‍ටුයි.

    එයින් ලැබුනු ධෛර්යත් එක්ක මේ මාස දෙකක කාලය පුරාවට ලිපි 21ක් ලියල, පළකරා. ඒව කොච්චර දුරට වැදගත්ද කියල දන්නෙ ඉතින්, මේ පැත්තෙ ආව, ගිය ඕගොල්ලො තමයි.


    මේ කෙටි කාලයට මට ලැබුනු අත් දැකීමුත් එක්ක, මීට වඩා වැදගත් ලිපි

    thank-you my walk on dew readers

    පළකරන්න තමයි අදහස් කරන්නේ.

    ස්තුති මෙතෙක් ඕගොල්ලො දුන්න සහයෝගයට.

     

     

    ලියුවේ : Walk on Dew ©

    ගැබුරු කටහඩ | Deep Voice

    Flamable-Beachජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය.
    එක්වරම ඔහුට කටහඩක් ඇසිනි " හාරපන් !".
    වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත්  සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි.
    " මම කිව්වෙ හාරපන් කියලා........."  එක්වරම  ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි.
    බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )

    උඩම මහල | suite case ekak……

    istockphoto_5519698-three-friendsමේක පිට රටක සිද්ද වෙච්චි කතාවක් කියලයි ආරන්චිය..........
    බිල්, ජිම් සහ ජැක් ඉතාම ලගින් ඇසුරු කල මිත්‍රයෝ වූහ.  ඔවුන්  ‍රැකියාව කලේත් එකම ආයතනයකය. එමනිසා ඔවුන් මහල් 75 කින් යුත් විශාල මහල් නිවාසයක උඩම මහල ( suite )  කුලියට ගත්තේ ඔවුන් තනිකඩයන් වූ නිසාත්, ‍රැකියාවට යාමට තිබූ පහසුව නිසාත් ය.  වර්ශ අවසානයේcorp-cartoon ආයතනයේ වැඩමුළුවකට සහභාගී වූ තිදෙන, මහල් නිවාසය වෙත පැමිනියේ , බොහෝසේ හෙම්බත් වීය.

     

    Thursday, January 27, 2011

    පොලිසියක සිද්දියක් | Speed – Trap

    dmsn128l

    ඔන්න පොලිසියෙ මහත්තුරු දෙන්නෙක් හිටියලු...... ඔන්න මේ දෙන්නට ස්ථානාධිපති තුමා පොඩි job එකක් දුන්නලු. ඒක පොඩි Speed trap සීන් එකක්. සින්හලෙන් කිව්වොත් වාහන වල High Speed අල්ලන්න ජොබ් එකක්.

    ඉතින් දැන් දෙන්නත් එක්ක ගියාලු වැඩේට, ඒ පැත්තෙ හොදටම හදල තියන පාර හොයගෙන. ටික දුරක් යද්දි දැක්කලු එහෙම එකක්. ඉතින් ලගට දෙන්නට ප්‍රශ්නෙ හැංගෙන්න තැනක්.......

    හෝව් හෝව්.......මොකක්…..*//*%$#   පොලිසියෙ රාළහාමිලා මොකට හැංගෙනවද? .....

    හැංගෙන්නෙ ඉතින්, පාරෙ පොලිසියෙන් ඉන්නව දැකක්කම  අපේ රියදුරු මහත්තුරු ඉතින් පොඩ්ඩක් slow කරනවනේ........ එතකොට කොහොමද High Speed අල්ලන්නේ.

    ඔන්න දැන් වන්ගුවක් ලග දෙන්නට හොද තැනකුත් හම්බුනාලු. ඔන්න හාහාපුර කියල වැඩේ පටන් ගත්තලු………  ආතල් කෝටියයි, අපෙ රියදුරු මහත්තුරු පොලිමේ ඇවිත් දඩ කොල ලියන් යනවලු. අනේ දෙයියනේ ලෝකාන්තවල වැටි වැටි, එවරස්ට් නැග නැග,  අපේ අය වාහන එලවද්දි, පොඩ්ඩක් හොද පාරක් දැක්කහම ඇතිවෙන හැගීම හිතා ගන්න පුලුවන්නේ.......

    ඔන්න දැන් මේ වැඩේ නැගල යනවලු. පොලිස් රාලහාමිලා දෙන්නත් දැන් හැමදාම එතනලු. පෝලිමත් එහෙම්මමලු. මෙහෙම දවස් කීපයක් ගත වුනාලු.01320-funny-cartoons-speed-limit

    දවසක් රාලහාමිල දෙන්න මූලස්තානෙට ( හොර පොට් එකට ) වාර්තාකරලු උදේ පාන්දරම.  පලවෙනි වාහනේ ආවලු, දඩ කොලේ ලියගත්තලු, ගියාලු. ඔන්න දැන් ඉතින් පොලිස් රාලහාමිල දෙන්න දත කට මැදගෙන, පැල් බැදගෙන ඉන්නවලු......

    Wednesday, January 19, 2011

    තමුසෙ දන්නවද මම කව්ද කියල ? ( Humour )

     

    thiefCartoon[9]දිනක්  නගරයේ වීදියක ඇවිද යමින් සිටි පුද්ගලයෙක් වෙත හදිසියේම සන්නද්ධ මංකොල්ල කරුවෙකු කඩා පනී.

    මංකොල්ලකරු: තමුසෙගෙ ඔක්කොම සල්ලි මට දෙනවා.
             මිනිසා : තමුසෙ දන්නවද මම කව්ද කියල?
    මංකොල්ලකරු: මට වැඩක් නෑ ඕයි තමුසෙ කව්රු උනත්.
    මිනිසා :දැනගන්නවා මම ආණ්ඩුපක්ශයේ ලොකු සාමාජිකයෙක්.
    එවිට, මකොල්ලකරු : එහෙනං දීපිය මෙහෙට මගෙ ඔක්කොම සල්ලි ටික.

      By: Walk on Dew

    සිරිදාස ( siridhasa )

    cute-cartoon-illustration-of-an-office-worker-thumb9498107සිරිදාස එදා කාර්යලයට පැමිනියේ ප්‍රමාදවීය, 9 ත් පසුවීය. ඒ බව දැනගත් ප්‍රධානියා දැඩි ලෙස කෝප වී   සිරිදාස කැදවීය.
      "අයිසේ, තමුසෙ 8:30 ටනේ එන්න තිබ්බේ"
    එවිට වඩාත් උනන්දුවෙන් තම ප්‍රදානියා දෙස බැලූ සිරිදාස,
    " ඇයි සර් 8:30 ට මොකද උනේ ? "  බැගෑපත්ව ඇසීය.

                                                                       By: Walk on Dew

    පොඩ්ඩක් හිනා වෙමු ( Humour )

     

    puppy-thumb10890253දිනක් සුරතල් බලු පැටවෙකු තැපැල් කන්තෝරුවකට ගොස් ටෙලිග්‍රෑමයක් යැවීමට, පෝරමයක් ගෙන,  "බව් ,  බව් , බව් , බව් , බව් , බව් , බව් , බව් , බව්"  ලෙස ලියා කන්තෝරුවේ සිටි  නිලධාරි තරුණිය අත තැබීය.
    පෝරමය කියවා බැලූ තරුණිය, "පැටියෝ මෙතන වචන නමයයි තියෙන්නේ, ඔයාට තව එක ‘බව්’ එකක් මේ මිලටම යවන්න පුලුවන්නේ."
    එවිට කුඩා බලු පැටවා "අපෝ බෑ, එතකොට මේකේ කිසිම තේරුමක් නැති වෙනවා………” කීවේය.

      By: Walk on Dew

    Write & Post Articles from your desktop….. ( ඔබේ Desktop එකේ හිදිමින් ඔබ්ගේ බ්ලොග් අඩවියට ලිපි ලියා, පළකරන්න )

    බ්ලොග් අඩවියට ලිපියක් ලියන එක ඒක කියන තරම් ලේසි නෑනෙ නේද ?……..
    විශේෂයෙන්ම අපේ රටේ ඉන්ටෙර්නෙට් කෙරුවාව හින්දා ටිකක් කරදරයි. මොනටිකද සමහර වෙලාවට හරිම කරදරයි. SLT  තමයි මම දන්න තරමින් හොද සෙවාවක් සපයන එකම ආයතනය දැනට තියන……

    ඒවා කොහොම උනත් මම මේ ලිපිය ලියන්නෙ ලන්කාවේ ඉන්ටෙර්නෙට් ගැන කතාකරන්න නම් නෙමෙයි. මම  මගේ බ්ලොග් අඩවිය home.walkondew.com නමින් ආරම්භ කළේ බොහොම මෑත කාලෙකදි. තාම මසයක් වත් නෑ. එත්ලිපියක් ලියන එක ලේසි නෑ කියල මට තෙරුනේ මම පළවෙනි ලිපිය ලියද්දිමයි. අන්න එතනදි මම Google එකේ සහය පතල හොද මෘදුකාන්ගයක් හොයගත්තා. නමින් – ” windows live writer “ Windows Live Writer මෙතනින්  Download කරගන්න. Windows Live Writer

    මේක Wordpress, Google Blogger  සහ අනෙකුත් බොහෝ බ්ලොග් අඩවි වලට ක්‍රියාකාරි වන මෘදුකාන්ගයක්. අහ් කියන්න අමතක උනා මේක සම්පුර්නයෙන්ම නොමිලේ Microsoft සමාගමෙන් බෙදා හරින මෘදුකාන්ගයක්.
    අපි දන්නව එකක් ලියද්දි අපිට දෙන්නෙ සීමිත තේරීම් ටිකක් නේ. එකිව්වේ . ඉතින් මෙතනදි අපිට ගොඩක් දේවල් දීල තියනව. අනික ලිපියෙ ඔනෑම වෙනසක් කරල ඒක අපේ බ්ලොග් අඩවියෙ පෙන්නන්නෙ කොහොමද කියල බලන්න, බ්‍රව්සර් වල වෙනකම් ඉන්න ඔනෙ නෑ. එක තමයි මේ එකේ තියන වටිනාම ගුනාංගය. එවගේම තමන්ගේ ලිපියට රූප වගෙම
    වීඩියෝ දර්ශනද මෙයින්ම එක් කරන්න පුලුවන්. මෙක ගැන සමහර අය දන්නවත් ඇති. භාවිතා කරනවත් ඇති. එත් නොදැන හිටපු අයටයි මේ ලිපිය.

    හැබැයි ඉතින් වැඩ කරන්නෙ Windows වලට විතරයි. එත් දුක් වෙන්න එපා ඔන නෑ ඕන OS එකකට වැඩ කරන එකකුත් තියනවා ඒක නමින් -  “Thingamablog” මෙතනින් ගන්න.

    මේකත් නොමිලේ බෙදාහරින මෘදුකාන්ගයක් උනත් මේ දෙකම ගොඩක් වටින මෘදුකාන්ග දෙකක්.Thingamablog

    Article by: Walk on Dew ©

    මින්දද හීසර…. අමරදේව ශූරීන් ( Mindhadha heesra – By W.D. Amaradewa )

    විශාරද අමරදේව ශූරීන්ගේ “මින්දද හීසර“  නම් වූ ගීතය ඉතා ජනප්‍රිය වූවත් කොතරම් ප්‍රසිද්ධ දැයි නොදනිමි. එහි ඇති සුන්දරත්වය හා බින්දුවකින් හෝ අඩු නොවන යලි යලි ඇසීමට ඇතිවන ආශාව නිසා මෙම ගීතය ඔබත් සමග මෙසේ බෙදා ගැනීමට අදහස් කලෙමි……
    එහි පද වල අර්ථය එලෙසින්ම මාහට වැටහුනිදැයි නොදනිමි, එහෙත් ගීතය සිත්සේ වින්දෙමි…

    මින්දද හීසර ( Mindhadha heesara )

    පරිශීලනයට - http://www.amaradeva.com/

    අපගේ වෙබ් අඩ්වියේ ඇති අමරදේවයන්ගේ අනෙකුත් ගීත සදහා

    පද මාලාව ( Lyrics )

    Article by: Walk on Dew ©

    ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් How To Train Your Dragon …..( awesome movies to watch )…..

    How To Train Your Dragon (2010)

    98 min - Animation | Adventure | Comedy

    IMDB rating :  8.2 / 10

    DirectorsDean DeBlois, Chris Sanders

    Writers Cressida Cowell ( novel ) , William Davies ( screenplay ) , Dean DeBlois ( screenplay ) , Chris Sanders ( screenplay )

    Stars Jay Baruchel, Gerard Butler and Christopher Mintz-Plasse ( Audio )

    TrailerHow to Train your Dragon

    වයිකින් වරු ජීවත් වුනු කාලය තේමා කරගත්, කිසිවෙකුගෙන් සැලකිල්ලක් නොලැබුණු තම මිතුරන් ගෙන් මෙන්ම වැඩිහිටියන් අතරේද කොන්වුනු කුඩා වයිකින් වරයෙක් තම සමාජයෙන් තමාට ලැබුනු වයිකින් වරයෙකු වීම සදහා වන එකම සුදුසුකම වන මකරෙකු හා සටන් වැද මකරාව මරා දැමීමට යාමේදි, කුඩා මකරෙක් හ ඇතිවන අසාමන්න්‍ය මිතු දමක් වටා ගෙතුනු දුර්ලභ කථා තේමාවක් අසුරෙන් නිර්මාණය වී ඇති මෙම සිනමා පටය, ඕනෑම අයෙකුට විවේක වේලවකදි නැරභිය හැකි අනර්ඝ සිනමා පටයකි.
    -      කථා සාරාංශය: Walk on Dew ©

    ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් Furry Vengeance …..( awesome movies to watch )…..

    Furry Vengeance

    IMDB rating : 2.9 / 2010 ( but walk on dew rate this : 8.5 / 10 )

    Director: Roger Kumble

    Writers: Michael Carnes, Josh Gilbert

    Stars: Brendan Fraser, Brooke Shields and Ricky Garcia

    ගොඩනැගීම් ක්ෂේත්‍රයේ විශාල කීර්තිනාමයක් දිනා සිටින  කුඩා ගම්මානයකට පැමිණේ. වනාන්තරය කපා නගරයක් නිර්මාණය කිරීමට මොහුට ආයතන ප්‍රධානියා විසින් අණ කරනු ලබයි. මෙතෙක් කල් වනාන්තරයේ සුවසේ කල් ගෙවූ වන සතුන්ට මේ පිලිබද ඇතිවන්නේ සතුටක් නම් නෙමෙයි……

                                      - කථා සාරාංශය : Walk on Dew ©

    ලගදි බලපු ලස්සන සිනමා පට කිහිපයක් Gladiator …..( awesome movies to watch )…..

    Gladiator ( 2000 )

    Imdb rating :  8.4 / 10

    Director: Ridley Scott

    Writers : David Franzoni ( story ) , David Franzoni (screenplay) , John Logan (screenplay) , William Nicholson (screenplay)

    Stars: Russell Crowe, Joaquin Phoenix and Connie Nielsen

    තම රට වෙනුවෙන් දිවි දෙවෙනි කොට සටන් වැදුනු රණ ශුරයකුට තම බිරිද හා කුඩා දරුවාව අහිමි කෙරූ සිය රටතුලම රජකම් කල දේශ ද්‍රෝහි රජුට හා  දූශිත ජේනරල් වරයෙකුට එරෙහිව සටන් කිරීමට,  ඔහු ජීවිතාන්තය දක්වා සටන් කරන ක්‍රීඩකයෙකු ගේ වේශයෙන් පැමිණේ…..

                                                                                                       - කථා සාරාංශය : Walk on Dew ©

    sinhala songs……. (various artists)

    Dayan Witharana

    Rookantha Gunathilanke

     

    Mervin Perera

    Songs by Pandith Amaradeva

    This is a tribute to a master musician whose contribution to the music scene in Sri Lanka spanning a period of more than five decades has been an incomparable one.

    Nim Him Sewwa mp3 (click to get the download link and same to listen)

    Heena Hathak meda mp3

    Sasara Wasana Thuru mp3

    Swarna wimaneta mp3

    මින්දද හීසර ( Mindhadha heesara )

    Friday, January 14, 2011

    කැමතිද මේ චිත්‍රපටිය බලන්න ( A Movie for A Change… )

    මෙච්චර කල් අපි කොච්චර නම් චිත්‍රපටි බලලා ඇත්ද, එත් ඒ අතරින් ඇත්තටම ලස්සනයි කියල 51GCCYZ373L._SL500_AA300_හිතන්න පුලුවන් වෙන්නෙ කොච්චර පොඩි ගානක්ද…….
    මම මෙ කියන්න යන චිත්‍රපටියනම් කාටූන් එකක්….. " අය්යෝ මෙච්චර වෙලා කියෙව්වෙ කාටූන් එකක් ගැනද ?".  ඕගොල්ලො සමහරවිට හිතනව ඇති. මොකද ගොඩක් අය හිතන්නෙ කාටූන් බලන්නෙ පොඩි ළමයි කියලා. එත් ඒ අතරින් ගොඩක් ඒවා ලොකු ළමයින්ටත් (හෝව් හෝව් කලබල වෙන්න එපා, මම කිව්වේ වැඩිහිටියන්ටත් කියල ) බලලා රස විදින්න පුලුවන් තරමේ විශිෂ්ට කලා නිර්මාණ.

    හරි දැන් අපි චිත්‍රපටිය ගැන කතාකරමු…..
    The Road to El Dorado චිත්‍රපටිය නම් වෙන්නෙ ඒ විදිහට.    
    516c-5b9NmL
    සිනමාපටයේ ධාවන කාලය විනඩි 89 යි….. ඒ කියන්නෙ පැය 1 විනාඩි 20යි. " බොහොම පොඩි කාලයක් නේද ? " බලපුවහම හිතෙයි ඔයගොල්ලන්ටත්. එච්චරටම ලස්සනයි. මෙය උපහසය කැටිකරගත් ක්‍රියාදාම චිත්‍රපටියක්.
    චිත්‍රපටිය ගැන කෙටි හැදින්වීමක් කලොත් මෙහෙමයි,

    මිගෙල් සහ ටූලියො කියන්නේ ස්පාඥ්ඥයේ ජීවත් වෙන තරුණයන් දෙදෙනෙක්. මොවුන් නවිකයින් සමග දාදු කැට සෙල්ලම් කරනවා. ඒත් සාධාරනව නෙමයි. භාවිතා කරන්නෙ එකම අංකයක් වැටීමට සාදාගත් පුරවපු දාදු කැටයක්. කෙසේ හෝ මොවුන්ට නාවිකයෙක් අභියෝග කරනව ඔහුගේ දාදු කැටයෙන් සෙල්ලම් කරන්න. ඔහුගේ ඔට්‍ටුව El Dorado වල සිතියම. මේ El Dorado  කියන්නේ රත්තරන් වලින් පිරුනු නගරයක්.මේක ලෝක සිතියමෙන් සැගවුනු නගරයක්.
    කෙසේ හෝ දෛවයේ සරදමකට මොවුන් ඔට්‍ටුව දිනනවා…… ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගන්න චිත්‍රපටිය බලන්න………






    Genre:
    Animation / Adventure / Comedy / Family / Romance
    Awards:
    1 win & 12 nominations more »
    IMDB User Ratings:
    6.5 (9,533 votes) 6.5
    Summary: Two swindlers get their hands on a map to the fabled city of gold, El Dorado.

    මේක අනිවර්යයෙන් බලන්න. බලලා comment එකක් දාන්න. මම ඉදිරි කාලයේදි මේ හා  සමාන, චිත්‍රපට ගැන ඔගොල්ලන්වත් දැනුවත් කරන්නම්.
                                                                         
                                                                                                              Article by : Walk on Dew